වැව් ගැන හැදෑරීමට ප්‍රථම සොබාදහම යන්න කුමක්දැයි තේරුම් ගනිමු.
සොබාදහම කියන සංකල්පය පැහැදිලි කර ගන්ට වෙනවා. මේක අකුරු ඉලක්කම් වලින් පමණක් කියලා පැහැදිලි කරන්ට පුලුවන් (බටහිර චින්තනයේ විදියට විග්රහ කරන්ට පුලුවන්) දෙයක් නෙවෙයි. බටහිර චින්තනයට අනුව නං කවුරු හරි කෙනෙක් යමකට අර්ථ දැක්වීමක් දුන්නම ඒක මූලික කරගෙන තමා සංකල්ප ගොඩ නැගෙන්නේ. නමුත් අපේ සංස්කෘතියේ එහෙම නෑ. එක එක්කෙනාට එක එක සංකල්පය දැනෙන්නේ එක එක විදියට. ඒක සොබාදහමටත් එහෙම මයි. මේ හින්දාම තමා නිවන වගේ සංකල්පයක් අපේ සංස්කෘතිය තුලින් ඇති උනේ. අනික අපේ සංස්කෘතියේ සංකල්ප හැදෙන්නේ ඉන්ද්රිය ගෝචර සංසිද්ධි – ලියන කියන සංසිද්ධි වලට වඩා වෙනත් දේවලුත් එකතු වෙලා.
ඉංග්‍රීසියෙන් nature යන්න සොබාදහම යැයි බොහෝ දෙනා හිතා ගෙන ඉන්නවා. එය වැරදිය. ඉංග්‍රීසි nature යන්නේ අර්ථකථනය the phenomena of the physical world collectively, including plants, animals, the landscape, and other features and products of the earth, as opposed to humans or human creations යන්නයි. බටහිර nature ගැන ඉගෙන ගැනීමට පොත් කියවා පුලුවන්. පාසැලක හෝ විශ්වවිද්‍යාලයක class / course අරන් පුලුවන්. නමුත් සොබාදහම තේරුම් ගැනීමට degree පොත් හෝ වෙබ් අඩවි පමණක් කියවා නොහැකිය.
සොබාදහම යනු ඊට වඩා ගැඹුරු ආකල්පයකි.
සොබාදහම යනු environment – the surroundings or conditions in which a person, animal, or plant lives or operates යන්න ද නොවේ.
සියලු සත්වයෝ මිහිතලයේ අංගයන් බවත් සොබාදහමට මිහිතලයේ ඇති සියලුම සම්පත් ද ලෞකික හා ආධ්‍යාත්මික බැඳීම ද සියල්ලේ එකතුව “සොබාදහම” යන්නෙන් අර්ථකථනය වේ.
[ සත්වයෝ = animal නොවේ. plants ගැන තර්කයක් පැන නගී නම් එය පැහැදිලි කිරීමට අවිද්‍යා ව පැහැදිලි කල යුතුය. මේ එයට තැන නොවේ. සම්පත් = resource නොවේ]
1970 වසරේ දී බටහිර ජාතිකයින් Gaia සංකල්පය උගන්වමින් මීට තරමක් හෝ අදාල දෙයක් කියන්නට සූදානම් උවද බටහිර චින්තනයේ වැරැද්දකට (වියුක්ත භාවය) ඔවුනට Gaia සංකල්පය ප්‍රායෝගිකව වැවේ සිදු වූ පරිදි ක්රියාවේ යෙදීමට නොහැකි වී ඇත. අද එය මුදල් ගැරීමේ ආර්ථික උපාය මාර්ගයක් බවට පමණක් පත්වෙමින් පවතී. ගයියා යනු මිත්‍යා සංකල්පයක් බව (ග්‍රීක මිත්‍යා කතා වලට) එක පසෙකින් බටහිරයන් ම කියද්දී ජීව විද්‍යා පංතියේ දී ගයියා අපේ මිහිකත පොලෝ මහී කාන්තාව වැනි සංකල්ප වලට සමාන කරන්නට ගුරුවරුන් උත්සාහ කරා මතකය.
වැව් බැඳි ශිෂ්ඨාචාරයේ සොබාදහම නිරූපනය කල මිනිස් ක්‍රියාකාරකම වැව විය. තවත් ආකාරයකට සොබාදහමට එක උදාහරණයක් ලෙස වැව නම් කල හැකිය. විටෙක සොබාදහම වැව වන අතර තවත් විටෙක් වැව සොබාදහම විය .