පාසැලේ අයියනායක කවි පන්තිය උගන්වන දිනයේ සිංහළ ගුරුතුමා අපිට වැව ගැන කියා දුන්නා මතකය
මාගේ මෑණියන් ට පසුව දෙවනුව වැව ගැන කියා දුන්නේ ඔහු ය
සිංහළ පොතේ මහසෙන් දෙවියන් ගේ කථාව ත් මම ඉතා ආශාවෙන් කියවූ නමුදු ඒවායේ සැබැ වටිනාකම අප ට තේරුම් කරවීම ට වැව් වලින් ඇත ප්‍රදේශය ක නගරබද ව බටහිර දැනුමේ ආධිපත්‍යයේ සහ වහල් කමේ ජීවත් වූ අපේ භාෂා ගුරුවරුන් ට නොහැකි විය
ඒ කාරණය ද තරම් නොවන වග වැටහුනේ රජ රට වැව් තුලාන වල ඉපිද බටහිර උජාරුව ට ජීවත් වන උපන් ගම පමනක් රජ රට වූ ජනී ජනයා ත් මා ඇසුරු කල විවිධ සමාජ ආගමික අධ්‍යාපනික දේශපාලනික දස්කම් මට්ටම් ඇති බොහෝ දෙනා අතරත් වැවේ අගය ගැන දැන සිටියේ කිහිපදෙනෙක් පමනක් නිසාය
~ ~ හැන්දැ කොරේ වැව් කණ්ඩිය දිගේ අඩි කඩංට ආවා
වැවෙන් වතුර පොදක් බීලම යමු එහෙනං ~ ~
වැව පිළිබඳව මේ දේවල් ලියන්නේ වැව යනු ටැංකියක් නොවන බැව් පෙන්වීමට ය
වැවේ වටිනාකම වර්තමාන ජන සමාජය තවමත් වටහා ගෙන නැති බව පෙන්වීමට ය
පාසැල් පෙල පොත් වලිං විෂය නිර්දේෂ වලිං දේශීයත්වයට කරන කාරියක් නැත වැව ට ද එසේමය
වැව් ගැන දැනුම දැයේ දුවා දරුවන්ට අප දිය යුතුමය
වැව් අඩවියේ හැම තැනකම සිංහළ ජාතිය, සිංහළේ නමැති භූමිය (වර්තමාන ශ්‍රී ලංකාව), සිංහළ ජන විඤ්ඥාණය ගැන ලියැවෙයි
එසේ ලියන්නේ නොලියා බැරි නිසා ය
වැව් ගැන කතාකිරීමේදී සිංහළ ජාතිය සහ සිංහළේ නැමති භූමිය ගැන කතා නොකර බැරිය
මන්ද යත් වැව් ඇත්තේද වැව් තැනුනේද සිංහළේ සිංහළයන් අතින් පමණක් බැවිනි
එමෙන්ම කරුණු කාරණා විවෘත ව මැදහත් ව පක්ෂක්ග්රාහී නොවී සලකා බැලූ කල වැව ට හිමි නිසි තැන ලබා දීම ට වර්තමානයේ තමන් සිංහළ යැයි කියාගන්නා සිංහළයන් ට නොහැකි නිසා ය
වැව් ගැන ලිවීම ට ඇති දෑ අනන්ත ය අප්‍රමාණ ය
කාලය ඇතිපරිදි උවමනා කරුනු පමණක් සඳහන් කරන්නටත් අනිසි පුද්ගලයන් අනිසි ආකාරයෙන් මේ දැනුම භාවිතය වැලැක්වීමට සමහර කරුණු මෙහි සඳහන් නොකරන්නටත් මා හැකි සෑම අයුරින්ම උත්සාහ කර ඇත
මෙහි ඇති කරුණු කාරණා කියවා බලා ඔබගේ දැනුම සදහා ඒවා යොදා ගත්තා ට කම් නැත
නමුත් වැව් පිලිබද ඊනියා බටහිර පර්යේශණ හෝ නිබන්ධන සදහා හෝ කුහක දේශපාලණික අභිමතාර්ත සඳහා හෝ මේ තොරතුරු යොදා නොගන්නා මෙන් ඉල්ලා සිටිමි
සංයුක්ත චින්තනයේ මානය දැං දැං යං තං තේරුම්ගන්නා බටහිර චින්තනය පෝෂණය කිරීම ට වැව් පිළිබඳ ඊනියා වාර්තා සැකසීම කිරිහොදි සමඟ දූරියං කෑම වැනිය
අද ලෝකයේ විද්‍යාව කියන බටහිර විද්‍යා ව ට වැව ගෝචර නොවේ
එහෙනං මොන මඟුලට ද සුද්දෙක් ලියූ පොතක පිටුවක් ඉහලින් දමා ඇත්තේ
පරිඝණකයේ ලියා අන්තර්ජාලයේ පල කරන්නේ වැනි ප්‍රශ්ණ අසන්නට පෙළඹෙන උගතුන් ගේ ප්‍රශ්ණ වලට මට පිලිතුරු දීම ට මම පැකිලෙමි
වැව් ගැන බටහිර කන්නාඩි පැලැඳ පර්යේෂණ කිරිම ට මම උදක්ම විරුද්ධ වෙමි
බටහිර විද්‍යා ඇසින් සහ තාක්ෂණයෙන් වැව ප්‍රතිසංස්කරණයට ද මම තරමක් දුරට අකැමැති වෙමි
අද වැව් තාක්ෂණයක් නැත
ඇත්තේ පුරාණ වැව් තාක්ෂණයට සිමෙන්ති බදාම ටිකක් දමා පස් පිඩැල්ලක් දමා යන්තම් කර ඇරීමකි
නැත්නම් හෙමිං සීරුවේ වැව් ප්‍රතිසංස්කරණය ට මුවාවෙන් එකල වැව් පිලිසකර කිරීමට පාලකයන් නිධන් කළ වස්තූන් හොරාට හෑරීමකි
පරිපූර්ණ කාර්යක්ශමතාවයෙන් වසර තුන්දහසකටත් වඩා කාලයක සිට පැවතෙන අතිශය ස්වාභාවික වැව් පද්ධතියට පර්යේශණ කිරීමෙන් වැඩි දියුණු කළ හැකි දෙයක් නැත
හැකි නම් වැවු පද්ධතියට ගැලපෙන අයුරින් වර්තමාන ජීවන ක්‍රමය රාජ්‍ය ප්‍රතිපත්ති සහ සංවර්ධන පිලිවෙත් සකසා ගැනීම නම් සුදුසු වේ
එසේ කළ හැකිනම් මිනිස් ශිෂ්ඨාචාරයක සැබෑ අරුත තවමත් සොයාගන්නට නොහැකිව වල්මත් වී ඇති සියල්ලන්ටම එය ප්රත්යක්ෂ වනු ඇත
මෙය කිසිදු පක්ෂ දේශපාලණ කටයුත්තක් හෝ එවැනි මගඩියකට උඩගෙඩි දීමක් නොවන බවද, කිසිසේත්ම සමාජවාදී දේශපාලණික හෝ සමාජවාදී සමාජයමය කටයුත්තක් නොවන බවද කරුණාවෙන් සළකන්න
වැවක් යනු මුලුමනින් ම අතීත සිංහළ සමාජයේ මිහි මඬලේ විමධ්‍යගත සමාජ කාර්යයක් බවද මතකතබා ගනු මැනවි
මේ ක්රමයේ සමාජවාදයක් හෝ අනුකාරක උගතුන් කියනා පරිදි වැඩවසම් ක්‍රමයක් තිබුනේ නැත
ධාර්මික රජවරු රජ කරන කල්හි රජුන් ද රට වැසියන්ද වැව් තැනීමට ත් වැව් රැකීමටත් එක සේ දායක විය
මෙහි ඇති ලිපි වලින් මේ කරුණු වැඩිපුර විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි