Ecology? Nope! සංරක්ෂණය? YES
පලු ගස: සිරි ලක වන්නාතර ගැනත් ඒවායේ ඇති පලු ගස් වැනි මහේෂාක්‍ය වෘක්ෂ ගැන ත් චුල්ල පදුම ජාතක කාව්‍යය හෙවත් සුළු පියුම් දා කව මෙහෙම කියනවා.
පලොල් බෙලි කීන දොඹ සපු මොර ලක ල
මිදෙල් සල් එ ලප් නාරං අඹ උදු ල
සුපුල් පලු මලින් සැදි නෙක ලෙස නිම ල
ලකල් යස දෙ තෙර සිටිනා තුරින ව ල
පලු ගහත් හරිම සුවිශේෂයි. පර්යේෂණ පට්ටමින් ඒ තරම් දුරට හදාරලා නැති උනත් පලු හැදෙන පලාත් වල පරිසර පද්ධතියේ ජල සංරක්ෂණයට අනික් ගස් වලට වඩා පලු ගස් දායක වෙනවා.
වලස්සු සහ මිනිස්සු: සතුන් අතර වලසා වෙනස් විදියේ සතෙක්. වලසුන් ගේ සමහර ක්‍රියාවන් මිනිසුන් වගේ දඩයම් කරනවා. මස් කනවා. වලස්සු සර්ව භක්ෂකයි. නියපොතු මදිනවා. පීනනවා. සෙල්ලම් කරනවා. ගස් නඟිනවා. කකුල් දෙකෙන් හිට ගන්නවා. වැහි දවසට නානවා. පුංචි පැටවු දෙන්න තුන්දෙනා පිටේ තියන් ඇවිදිනවා. පැටවුන්ට ආදරේ කරනවා. වෙලාවකට රෞද්‍ර විදියට අනික් කැලෑ සතුන්ගෙන් මිනිසුන් ගෙන් පැටවු, ගුහාව, වපසරිය රකිනවා. මුහුණට මුහුණ සටන් කරනවා. කැලෑ අවට ගම් වල ඉර අවුවේ වනපු රෙදි පිලි වගේ ආගන්තුක දේවල් එක්ක බොරුවට දබර කරනවා. තවත් කාරණයක්, කැලේ වලස් අඩි දැක්කම මේ මිනිස් අඩි සලකුණක් ද කියලා දෙගිඩියාවට පත්වෙන වෙලාවල් තියෙනවා; මොකද වලස් අඩියත් ටිකක් පාවහන් නැති මිනිස් අඩියක් වගේ.
වලස්සු මී වද කඩනවා. කැලේ ඈත තියෙන මීයක් ඉව කරගෙන හොයාගෙන ඇවිත් දිග නිය තියෙන අත ගස් බෙනේට දාලා වද කෑලි කඩලා හෙමීං සීරුවේ බිම තියනවා. ඊට පස්සේ වදය අරං දුවනවා. වලස්සු හැම මීයම කඩන්නෙත් නෑ. කැලේ මී කඩන මිනිස් උදවිය වගේමයි.
පලු ගහ ගැන කියද්දී වලහා අමතක නොකර බෑ. පලු වාරෙට වලස්සු පලු ගස් උඩමයි.
පලු ගහේ හීන් තද කොල පාට පත්‍ර අතර පුංචි කහ පැහැති සුවඳවත් පලු මල් පොකුරු යි මී මැස්සන් ගේ ගුමු ගුමුවයි අස්සේ ගහ උඩටම නැගපු වලහා ‘අතු කඩ කඩා’ අතු අග්ගිස්සේ තියෙන – පියකරු දීප්තිමත් කහපාට මටසිලුටු හීනි කුරුලු බිත්තර වගේ – සුමිහිරි පැණි රසක් තියෙන පලු කඩාගෙන කනවා. මිනිස්සු වගේමයි ‘අතු කඩ කඩා’ පලු කනවා.
සංරක්ෂණය: පලු ගස් රකින්ට, පලු ගස් වල තිරසාර පැවැත්මට වලස්සු අමිල මෙහෙයක් ඉටු කරනවා. ඒ තමා පලු අතු කැඩීම. ස්වාභාවික ව කප්පාදු කිරීමේ ක්‍රමයක් (pruning). අතු අග්ගිස්ස කැඩුනාම පලු ගස් වල අළුත් රිකිලි දානවා. මිනිස්සු වලස්සු දිහා බලං ඉඳලා මී කැඩුවා වගේම අතු රිකිලි කඩ කඩා පලු ත් කැඩුවා. රිටිගල කලු එබේ වගේ ගම් තුලානක සොයා බැලූ විට පාරම්පරික ව පලු කඩපු ආකාරය දැනගන්ට පුලුවන්.
ශ්‍රී ලංකාවට ආනයනය කල සමහර සංරක්ෂණ ප්‍රතිපත්ති වලින් මිනිස්සු පලු කඩන එක අඩු උනා. ඇත්තටම අඩු කරා.
වලහයි මිනිහයි දෙන්නම පලු කැඩුවා. පලු කඩන ගමං අතු රිකිලිත් කැඩුවා. පෝයෙන් පෝය ගෙවිලා ඊලඟ බක් මහ වෙද්දී පලු ගහ අතු රිකිලි දාලා ආව. ඒ අතු අග්ගිස්සේ මල් කිනිති හැදුනා. මීමැස්සෝ රොන් ගත්තා. වලස්සු මිනිස්සුන්ට උදවු කරා – මිනිස්සු වලහට උදවු කරා දෙගොල්ලොම මී මැස්සන්ට උදවු කරා. වලහයි මිනිහයි දෙන්නම පලු කෑවා – මී කඩං කෑවා.
පරිසර ගැටලු: අද වලස්සු අඩුවෙලා. පලු ත් අඩුවෙලා. මිනිස්සු ඉස්සර තරං පලු කන්නේත් නෑ පලු ගැන දන්නේත් නෑ. මැස්සන්ට රොන් ගන්ට පලු මල් හට ගන්නෑ. මී බඳින්නෙත් අඩුවෙන්. පලු මල් නැති වෙසක් මහේ බැඳපු මී වදේ රහ බාලයි.
දැං පලු අතු කැඩෙන්නේ නෑ. පලු ලියලන්නෑ – අලුත් අතු රිකිලි හට ගන් නෑ. පලු ගහට මිලක් නියම කරලා නිසා පලු ගස් ජාවාරමත් ජයටම වෙනවා. අවාසනාවකට ආනයනය කල පරිසර නීතියට පරිසර දැනුම ට මේ දේවල් අහුවෙන්නේ නෑ.
ගැටලු වලට හේතූන්: විවිධ ජන ප්‍රජාවන් සහ සංස්කෘතීන් ඔවුනොවුන් ජීවත්වන පරිසරය අනුව, සංස්කෘතික වගේම ජීවන ඉලක්ක අනුව, මිනිසා ගස් කොලං සහ සතුන් ගැන දරන ආකල්ප – දැනුම් පද්ධති – මති මතාන්තර අනුව පරිසරය සමඟ ඇති සම්බන්ධය මෙන්ම පරිසරය සමඟ ගණු දෙණු කරන ආකාරය වෙනස්.
පරිසරය එක්ක කරන ඒ ගණු දෙණු සීත රටවල ඉඳන් අරාබි කරයටත්, පැපුවා නිවු ගිනියාවේ ඉඳන් අප්‍රිකානු ගිනියාවටත් හරිම විවිධාකාරයි. ඒ විතරක් නෙවෙයි බොලීවියානු ඇමසෝන් මිනිස්සු අතරත් බ්‍රසීල ඇමසෝන් මිනිස්සු අතරත් පරිසරය එක්ක තියෙන සබැඳියාවන් වෙනස්.
සත්ව අවිහිංසාව උදෙසා සමහර ප්‍රජාවන් ජලය උණු කර පානය, කිරීම එලිමහනේ ඇවිදීම ප්‍රතික්ෂේප කරන විට ඒ ආසන්නයේම සමහර ප්‍රජාවන් සැප සම්පත් උදෙසා බිලි පූජා තිබ්බා. සමහර සංස්කෘතින් සියලු සත්ව පුද්ගල භාවයන්ගෙන් මිදෙන හැටි කතා කරද්දී තවත් සංස්කෘති පරිසරය ට මුදලක් මිලක් නියම කරන හැටි ලංසුවක් තියන හැටි බැලුවා.
විසඳුම් තියෙනවාද: මේ විවිධ දේශ සීමා ප්‍රජා සංස්කෘති වලට වඩා ශ්‍රී ලංකාව වෙනස්. අපේ පරිසරය, සමාජය, දේශීය දැනුම් පද්ධති එක්ක අතිපිහිත වෙන සංස්කෘතික අනන්‍යතා ලෝකේ බොහෝ තැන් වලට වඩා වෙනස්.
ඒ නිසා ලෝක යේ එක තැනක අත්හදා බලපු පරිසර ප්‍රතිපත්ති, නීති රීති අපේ රටට ප්‍රායෝගිකව යොදා ගැනීමට අපහසුයි. අලි මිනිස් ගැටුම් තියා දඬු ලේන්, රිලා උවදුරක් වත් අපිට පාලනය කරන්ට බැරි වීමට මූලිකම හේතුව ඒකයි. අධ්‍යාපන ක්රමයේ ඇති අඩුපාඩු නිසා දැන් අපි පරිසරය දකින්නෙත් වෙනස් ඇස් වලින්. වෙනස් කෝණයකින්. අපිට සංරක්ෂණය (conservation), ජීවිකාව (livelihood) කියන දෙකෙන් එකක්වත් හරියට කරගන්ට බැරි වෙලා ඉන්නේ අන්න ඒ හින්දා.
වසර සියයකට මෙහා මහාද්වීපික රටවල් වල නිර්මාණය කරපු පරිසර නීති ප්‍රතිපත්ති විවිධාකරයේ ශාක සත්ව මෙන්ම මිනිස් ප්‍රජාවන් ගණනාවක් ජීවත්වෙන මෝසම් වැසි වැටෙන ඝර්ම කලාපීය කුඩා දූපතකට නොගැලපෙන බව වටහාගැනීම ම මහත් විසඳුමක් වේවි.
මේ කතාව මීට වඩා දෙහි ඇඹුල් දාලා ලියන්ට ඕන.. හෙමීට ලියන්නං
පලු: සිරි ලක වන්නාතර ගැන ඒ වනාන්තර පරිසර පද්ධතියට අයත් පලු ගස් වැනි මහේෂාක්‍ය වෘක්ෂ ගැන චුල්ල පදුම ජාතක කාව්‍යය හෙවත් සුළු පියුම් දා කව මෙහෙම කියනවා
පලොල් බෙලි කීන දොඹ සපු මොර ලක ල
මිදෙල් සල් එ ලප් නාරං අඹ උදු ල
සුපුල් පලු මලින් සැදි නෙක ලෙස නිම ල
ලකල් යස දෙ තෙර සිටිනා තුරින ව ල
ජාතක කතා වලත් වනාන්තර ගැන පලු ගැන කියනවා Checklist විදියට නං නෙවෙයි හැබැයි Ecological විදියට
Checklist හොයන අයට තවම ecology තේරෙන්නේ නෑ හැබැයි කවියොත් ecology දැනං ඉඳලා අපිට අදටත් ecology වලට වචනයක් නෑ හැබැයි conservartion වලට තියෙනවා අඳෝමැයි… ecology නැති coneservation
පලු ගහත් හරිම සුවිශේෂයි බටහිර පර්යේෂණ පට්ටමින් ඒ තරම් දුරට හදාරලා නැති උනත් පලු හැදෙන පලාත් වල පරිසර පද්ධතියේ පලු ගහ දායක වෙන්නේ තවත් විසල් ගහක් විදියට විතරක් ම නෙවෙයි මේ ගැන පාරිසරික විද්වතුන් කියන අය දන්නවා ද කියලාත් සැකයි forest ecology expert ලට මේ දේවල් පෙනෙන්නේ නෑ
පලු ගහ ගැන කියද්දී වලහා අමතක නොකර බෑ පලු වාරෙට වලස්සු පලු ගස් උඩමයි
වලහා: සිවු පා සතුන් අතර වලහා වෙනස් විදියේ සතෙක්
සමහර වැඩ මිනිහෙක් වගේ දඩයම් කරනවා මස් කනවා සර්ව භක්ෂකයි නියපොතු මදිනවා පීනනවා සෙල්ලම් කරනවා ගස් නගිනවා කකුල් දෙකෙන් හිට ගන්නවා වැහි දවසට නානවා පුංචි පැටවු කරේ තියන් ඇවිදිනවා පැටවුන්ට ආදරේ කරනවා වෙලාවකට රෞද්‍ර විදියට අනික් කැලෑ සතුන්ගෙන් මිනිසුන් ගෙන් පැටවු රකිනවා මුහුණට මුහුණ සටන් කරනවා බොරුවට දබර කරනවා කැලෑ අවට ගම් වල වැලේ වනපු රෙදි පිලි වගේ ආගන්තුක දේවල් එක්ක කැලේ අඩිය ගහලා ගිය උදවිය මේ මිනිස් අඩි සලකුණක් ද කියලා දෙගිඩියාවට පත්වෙන වෙලාවල් තියෙනවා මොකද වලස් අඩියත් ටිකක් පාවහන් නැති මිනිස් අඩියක් වගේ
මී වද කඩනවා කැලේ ඈත තියෙන මීයක් ඉව කරගෙන හොයාගෙන ඇවිත් දිග නිය තියෙන අත ගස් බෙනේට දාලා වද කෑලි කඩලා හෙමීං සීරුවේ බිම තියනවා ඊට පස්සේ වදය අරං දුවනවා වලහා හැම මීයම කඩන්නෙත් නෑ නෑ මිනිහා වගේ මයි
තද කළු පාටට හුරු අලු පැහැ විචිත්‍ර රටා වැටුනු පොතු සහිත ගහේ හීන් තද කොල පාට පත්‍ර අතර පුංචි කහ පැහැති සුවඳවත් පලු මල් පොකුරු යි මී මැස්සන් ගේ ගුරු ගුමුවයි අස්සේ ගහ උඩටම නැගපු වලහා ‘අතු කඩ කඩා’ අතු අග්ගිස්සේ තියෙන පියකරු දීප්තිමත් කහපාට මටසිලුටු හීනි කුරුලු බිත්තර වගේ සුමිහිරි පැණි රසක් තියෙන පලු කඩාගෙන කනවා මිනිස්සු වගේමයි ‘අතු කඩ කඩා’ පලු කනවා
පලු ගස් රකින්ට පලු ගස් වල තිරසාර පැවැත්මට වලස්සු අමිල මෙහෙයක් කරනවා
ශ්‍රී ලංකා ට ආනයනය කරපු බටහිර ආරේ සංරක්ෂණ ක්‍රියාමාර්ග වලට අහු නොවුන සුවිශේෂී ලක්ෂණයක් පලු ගහේ තියෙනවා ඒක වලස්සු දන්නවා අපේ රටේ පැරැන්නොත් දැනං හිටියා
මහ කැලේ තැන් තැන් වල තියෙන අඩි හැට හැත්තෑව උස රූස්ස පලු ගස් වල නැගලා මිනිස්සුන්ට කරන්ට බැරි දෙයක් වලස්සු කරා
පලු අතු කඩන එක
ස්වාභාවික ව කප්පාදු කිරීමේ ක්‍රමයක්
බටහිර උරුවට නම් pruning horticuture අනුව නම් පලතුරු වර්ග බොහෝමයක පැවැත්ම ට වගේම කාලාන්තරයක් ඵල නෙලීම ට කල යුතු ම දෙයක්
මිනිස්සු වලස්සු දිහා බලං ඉඳලා මී කැඩුවා වගෙම අතු රිකිලි කඩ කඩා පලු ත් කැඩුවා
රිටිගල කලු එබේ වගේ ගම් තුලානකට හිහිං අහලා බැලුවා නම් පාරම්පරික ව පලු කඩපු විදය අහගත්තෑකි හැබැයි ඒවා පේරාදෙණියටවත් ගන්නෝරුවටවත් කොළඹට වත් තේරුනේ නෑ
ඇපල් කඩනවා වගෙන් පලු කඩලා බෑ පලු ගස් රිකිලි අදින්නේ අතු අග්ගිස්ස කැඩුනාම සොභාවිකවම කප්පාදුව කරපු විදිය සුද්දා පලු දන්නෑ රට පලතුරු කප්පාදු කර කර ඉන්නවා තේ ගස් prune කරනවාටනං කැලෑ මහත්තුරු අකමැති නෑ
සුද්දොත් උන්ගේ ඇපල් මිදි නං prune කරනවා අපේ උන්ට නොතේරුනාට සුද්දා horticulture කරනවා උගත්තු හොටුකල්චර් කරනවා
කැලෑ දෙපාර්තමේන්තුව වන ජීවිය වගා දෙපාර්තමේන්තුව නොදන්නා ද්න්නේ දැං වලස්සු අඩුයි පලු ගස් වල ගෙඩි හැදෙන්නෑ පලු හට ගන්නෑ පලු අතු කඩන්ට එපා
කොහොම කොහොම හරි පලු කඩන එකටත් සීමා මායිම් වැටුනා
යංතං environment conservation තොලකට ගාගත්ත අනුකාරක උගත්තු මේ ගම් වල එවුන් කැලේ ගියාම පලු අතු කඩනවා ඒ හින්ච උන්ට කැලේ යන්ට දෙන්ට එපා කිවුවා
රටේ ආනයනය කරසු සංරක්ෂණ ප්‍රතිපත්ති නිසා මිනිස්සු පලු කඩන එක අඩු උනා පරම්පරාවෙන් අහලා පලු කඩපු මිනිස්සු දවසෙං පෝසත් වෙන්ට පලු ගස් කැපුවෙ නෑ ආයිබෝං
වලහයි මිනිහයි දෙන්නම පලු කැඩුවා පලු කඩන ගමං අතු රිකිලිත් කැඩුවා පෝයෙන් පෝය ගෙවිලා ඊලඟ බක් මහ වෙද්දී පලු ගහ අතු රිකිලි දාලා ආව ඒ අතු අග්ගිස්සේ මල් කිනිති හැදුනා මීමැස්සෝ රොන් ගත්තා වලස්සු මිනිස්සුන්ට උදවු කරා මිනිස්සු වලහට උදවු කරා දෙගොල්ලොම මී මැස්සන්ට උදවු කරා වලහයි මිනිහයි දෙන්නම පලු කෑවා එකතුවෙලා මී කඩන් කෑවා
අද වලස්සු අඩුවෙලා පලු ත් අඩුවෙලා මිනිස්සු ඉස්සර තරං පලු කන්නේත් නෑ දන්නේත් නෑ මැස්සන්ට රොන් ගන්ට මල් හට ගන්නෑ මී බඳින්නෙත් අඩුවෙන් පලු මල් නැති වෙසක් මහේ බැඳපු මී වදේ රහ බාලයි
පලු අතු කැඩෙන්නේ නෑ පලු ලියලන්නෑ අලුත් අතු රිකිලි හට ගන් නෑ ආනයණික පරිසර නීති පරිසර දැනුම මේවා දන්නෑ
වලහා ටත් නෑ මිනිහාටත් නෑ පරිසරයට ත් නෑ
මී මැස්සාටත් නෑ වරද අතු කඩපු වලහා ගෙද අතු කඩපු බටහිර සංරක්ෂණ විෂය දැනුම නොදන්නා ගමේ මිනිහාගේද ආනයණික නිති රීති වලද
පලු ගහෙන් ප්‍රජා පරිසර පද්ධතියට තියෙන මෙහෙවර ගොඩක් අය දන්නෙත් නෑ ඒක වෙනම කතා කරන්ට ඕන
විවිධ සංස්කෘතීන් ඔවුනොවුන් ජීවත්වන වටපිටාව පරිසරය අනුව සංස්කෘතික මෙන්ම ජීවන ඉලක්ක මිනිසා සහ සතුන් ගැන දරන ආකල්ප දැනුම් පද්ධති මති මතන්තර අනුව පරිසරය සමඟ ඇති සම්බන්ධය මෙන්ම පරිසරයේ භාවිතය වෙනස් කරනවා
පරිසරය අක්ක ගනුදෙනුව සීත රටවල අරාබි කරයේ පැපුවා නිවු ගිනියාවේ මෙන්ම අප්‍රිකානු ගිනියාවේ වෙනස විතරක් නෙවෙයි බොලීවියානු ඇමසෝන් මිනිසුන් බ්‍රසීල ඇමසෝන් වනයේ මිනිස්සු අතරත් වෙනස් කම් තියෙනවා
ඉංගිරිසියෙන් ලියපු නිසා රතු ඉන්දියානුවන් ප්‍රසිද්ධ උනා සමහර ප්‍රජාවන් වතුර උණු කිරීම ප්‍රතික්ෂේප කරා එලිඵලියේ ඇවිදීම පවා ඒ අටර සමහර සංස්කෘති සියලු සත්ව පුද්ගල භාවයන්ගෙන් මිදෙන හැටි කතා කරා සැප සම්පත් උදෙසා සමහරු බිලි පූජා තිබ්බා සමහරු පරිසරය ට මුදලක් ලංසුවක් තියන හැටි බැලුවා
සම්පත් වල ඉංගිලිසි වචනය resource වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙනවා දරු සම්පතයි වැලි සම්පතයි දෙකම එකක් වන්නේත් නොවන්නේත් ඒ නිසා
මේ ආනයන වැඩ පිලිවෙල පරිසර යට පමණක් නෙවෙයි ආර්ථිකය දේශපාලනය සාමාජීය ක්ෂේත්‍ර ධීවර කර්මාන්ත අධ්‍යාපන සංචාරක වලටත් පොදුයි
මේ විවිධ දේශ සීමා සංස්කෘති වලට වඩා ශ්‍රී ලංකාව වෙනස් පරිසරය සමාජය දැනුම් පද්ධති එක්ක අතිපිහිත වෙන සංස්කෘතික අනන්‍යතා තවමත් ලෝකේ බොහෝ තැන් වලට වඩා වෙනස්
රටේ බහුතරයක් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියද්දී රටක් හැටියට අපිට සංරක්ෂණය සහ ජීවිකාව කයන දෙකෙන් එකක්වත් හරියට කරගන්ට බැරි වෙලා ඉන්නේ ඒ හින්දා
වන ජීවී, වන සංරක්ෂණ, කෘශි, පුරා විද්‍යාව සමහර රට වල වෙනස් දෙපාර්තමේතු උනාට අපිට ඒවා වෙන වෙනම පාලනය කරන්ට බෑ.
තව ලියන්ට තියෙනවා