Citizen Science සිටි සන් සයන්ස් නගරයේ පුතුන්ගේ විද්‍යාව ද?

පනින්ට පෙර නවතින්න! මේ කොළඹට කිරි අපිට කැකිරි කතාවක් නොවේ

ප්‍රස්තූතය — 2007/2008
තැන: ලග්ගල පල්ලේගම මොරගහකන්දට යටවෙන කුඹුරක
පර්යේෂණයක දත්ත එකතුකරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා මහාචාර්යවරිය : මොනවද අද කරපු වැඩ

ප්‍රශ්ණ කීපයකට පිළිතුරු දුන් මඩ තැවරුණ ගොවියෙක් : මඩ පොහොර ගැහුවා

මහාචාර්යවරිය: එතකොට ඔයාලා මඩ පොහොර හදාගන්නේ කොහොමද

ගොවියා: කට උත්තර නැතුව අනික් ගොවීන් ගේ මුහුණ බලයි..
මඩ පොහොර ද … මඩපොහොර හදන්නේ හදන්නේ මෙන්න මෙහෙමයි මැඩම්


දැං දැං බටහිර රටවල practice කරන citizen science programs ලංකාවටත් ඇවිත්

හොඳ දෙයක් — කවුරු කවුරු හරි පරිසරේට ලෝකෙට ආදරේ කරන්ට පුරුදු වෙනවා අලුතෙන් දෙයක් ඉගෙනගන්නවා නේ

මොකද්ද මේ citizen science නැත්තං community science කියන්නේ (වචනයේ පරිසමාප්ත අරුත ගැන හිතන අමෙරිකාවේ non-citizen ලට දුක හිතෙයි කියලා community science කියනවා 🙂
පෙර කාලේ හැම රටකම මිනිස්සු පරිසරය සමඟ ලගින් හිටියා – කන එකයි ජීවත්වෙන එකයි ඇරෙන්ට වෙන දෙයක් ඇත්තටම තිබුනේ නෑ නේ.. සමහර ජාතීන් නම් නිවන් හෙවුවා ලු 😉
කොහොම හරි භාරත ලතින් චීන රුසියා අප්‍රිකා රටවල් ඕන එකක indigenous කියන සෙට් එක කැලේට හරිම ලගයි.. (ලංකාවේ නං indigenous වැදි අය විතරලු – මඩ පොහොර හදා ගන්න හැටි අහපු මැඩම් කියන්නේ) 

මිනිස් සමාජය පරිසරය එක්ක බැඳීම් අඩු වෙද්දී පරිසරය ගැන පාසැල් විශ්ව විද්‍යාල වල වෙනම උගන්නන්ට උනා.. ඉතිං ඒවා ගැන පර්යේෂණ එහෙම කරන මහාචාර්ය වරු බිහිවුනා.. එයාලා බටහිර පරිසර විද්‍යාව හොඳට දන්නවා..

citizen science වල මූලිකවම වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ..

හැමතැනම ඇවිදලා data හොයනවාට වඩා electronic computer යුගේ free data collection කරලා ඒවායෙන් පර්යේෂණ කරලා ලෝකෙට වැඩක්කරන්ට සාමාන්‍ය ජනතාව ත් දායක කරගන්නවා.. win win situation එකක් හොඳ model එකක්

ගස් කොලන් විතරක් නෙවෙයි තරු ග්‍රහලෝක පස් ඛනිජ ද්‍රව්‍ය ඇතුලු නනාප්‍රකාර දේවල් හොයන්ටත් මේක දැන් යෙදවෙනවා.. මිනිස්සු තමන්ගේ වටපිටාව ගැන අවධානයෙන් බලලා විස්තර වාර්තා කරනවා.. මේ විස්තර වලින් අලුත් සත්තු දුර්ලභ ශාක වගේ ම තරු පවා අඳුනා ගෙන තියෙනවා

ලංකාවට සංරක්ෂණය පරිසර විද්‍යාව අරක මේක ආවේ තරමක අස්වාභාවික විදියට – සුද්දද කලු සුද්දද වරද කරේ කියන්ට බෑ .. හැබැයි පුරාන ලංකාවේ සයන්ස් මිත්‍යාදෘෂ්ඨික කියලා තමා වැඩේ දුන්නේ.. (ඒ imported ක්‍රමය කොහොමද කියනවනං දැං රට සංරක්ෂණය අතින් ඉතාම ඉහල තැනක ඉන්නේ 🙂 — මොකද අඩුවක් නැතුව බලෙන් පෙවුව සංරක්ෂණ පෙත්ත උගුරේ තාම හිරවෙලා 🙂

අපේ පාසැල් කැම්පස් වල උගත්තු රට කරවන උදවිය එහම නං මේවට වග නෑ හොදද.. එයාලා හොදම දේ කරලා තියෙන්නේ .. ලෙඩ මලත් බඩ සුද්දයි

රටේ සතා සිවුපාවා ගහකොල හැමදේම වගේ විද්‍යාත්මකව හොයාන තියෙන්නෙත් පිටින් ආපු අයලු ඒ කාලේ හිටපු උන් ගහක් කොලක් වත් අඳුරන්නේ නෑලු වගේ කතාව 
ඉස්සර කැම්පස් එකේ field trip යනවා.. එහෙම ගියාම ගම් වල ඉන්න පොඩි උන් zoology botany professor ට වැඩිය වට පිට තියෙන ගස් වැල් ඉන්න සත්තු ගැන දන්නවා

එක අතෙක පෝමලින් වල ගිල්වා මැරුණු කටුස්සෙකි
අනෙකා ගේ ඇස්අන්වීක්ෂයක් තුලින් කිසිවෙකුට නොපෙනෙනා දේවල් දකී ඔහුට පෙනෙන දේ අනික් අයට කිසිදා නොපෙනේ

දෑස විවිර කර බලන්න පරිෂණකයත් මවුසයත් දෙඅත දරා ඉන්නා මේ දෑත් අවුවේ වේලුන කුරක්කං කපන කලු අත්වලට වඩා විද්‍යාව තාක්ෂණය  වැළඳගෙන සිටී
Nike සපත්තුවෙන් මහපොළොවේ පහස විඳි මේ පාද අහස පොලොව ඉර හඳ බලා ගොවිතැං කල හද්දා පිටිසර ගැමියන් මෙන් නොව පරිසර පද්ධති වල බවුන්ඩරි ගහන්ට හොඳට දනී