තාවුල්ල

නමෝ බුඬාය!

චිරන්තන දෘෂ්ටි වශයෙන් සහම්පතී මහා බ්‍රහ්මරාජෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ සමස්ත දේවසභා ඇතුලත් දේව මණ්ඩලයෝද ශ්‍රී භාර කැත්කුලකොත් ඔක්කාක උභයකුලපාරිශුඞ ශුඞ වංශ ඇති අඛණ්ඩසන්තති රාජකුල මස්තකයේ උපන්නාවූ රාජකීය මහා සම්මතාදී පරම්පරානුයාත ත්‍රීසිංහළබුඬක්ෂේත්‍රාග්‍රරාජශ්‍රීපදප්‍රාප්තාභික්ශික්ෂිත මහාස්වාමි මහාරාජෝත්තමයාණන් වහන්සේලාද ස්වකීය ශීර්ෂ මස්තකයේ රුවා ප්‍රමුඛ ප්‍රධාන කොට දරන ලද්දාවූ සම්බුඬශාසනයේ චින්තනදෘෂ්ටි මාර වීර වාරණ කණ්ඨිරවායමාන ශ්‍රී සඬර්‍මවර චක්‍රවර්තිස්වාමී වූ උතුම් ගෝතම බුදුන් වහන්සේ නාමයට උපහාර වම්හ



පූජා වෙඩිල්ල

මේ දැනුම මා රැස් කලේ රට පුරා තැන තැන අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින්ය

මේ දැනුම සහ තොරතුරු ලබා දුන්නේ පිටිසර ගැමියන් ය

ඔවුන් කිසි කලෙක මාගේ මතකයෙන් නොමියෙන අතර මේ දැනුම ඔවුන්ට උපහාරයක් ම වේවා

දැනුම එක් රැස් කර ක්‍රමවත් ව ඉදිරිපත් කිරීමට පොත පතද උපකාරී විය

මා රට වටේ තැන තැන ඇවිද රැස් කල දැනුම එක් තැනකට ගෙන එක්කාසු කරන්ට උත්සාහ දරමි

ඒ දැනුම බෙදා දෙන්නට ද කැමැත්තමි

වැව් දැනුමේ අයිතිය පුද්ගලයකුට නොවේ… ජාතියකටය

මෙකල දේශීය දැනුම නිර්මාණය කරන්නට පුලුවං නම් කොච්චර පිනක්ද…


විදේශිකයන් විසින් හඳුන්වා දුන් විෂය නිර්දේෂ වලට සීමාවූ පාසැල් අධ්‍යාපනය මුල් කොටගත් සමාජයක දශක ගණනාවක් හැදී වැඩෙන මිනිසුන් හට වැව යනු බැස නාන්නට පුලුවන් තවත් එක් ටැංකියක් ය tank හෝ ජලාශයක් reservoir ය පටු යන අදහස ඇති බව පෙනේ

වැව් තැනුවේ මිනිසුන් විසිනි ඒ නිසා වැව lake එකක් ද නොවේ

විශේෂයෙන්ම වැව් බැඳි රටතොටෙන් ඈත ජීවත් වන පිරිසට හා බටහිර පන්නයට කැමති ගමේ ගොඩේ ජීවත් වන අයවලුන් බොහොමයකට එවැනි ම අදහස් තිබෙනු දක්නට ඇත

වැවට සමාන පදයක් ලෙස ඉංග්‍රීසි භාෂාවේ lake | tank | reservoir යන පද භාවිතා කරයි

මේ පද හරඹය සම්පූර්ණයෙන්ම වැරදිය

මේ පද වලින් වැවෙ ක කාර්ය භාරය වසංකරනවා පමණක් නොව වැවෙ ක වටිනාකමද නැති කර දමයි

වැව යනු වතුර එකතුවෙන තැනක් වතුර පුරවා උවමනා තැනට බෙදාහරින තැනක් පමණක් නොවේ


වැව් ගැන හොයපු හැටි 

මෙම දැනුම එක් රැස් කරන්නට එලැඹෙන විට මට වයස අවුරුදු විස්සක් පමණ විය

හැතැප්ම සිය ගනනකට වැව් නොපිහිටි ඉසව්වක කුඩා කල සිට හැදී වැඩුනු නිසා ත් පාසැල් වලින් ඉගැන්වූ විෂය නිර්දේශ මඟින් මනස කොටුකර තැබු නිසා ත් වැව් ගැන මා තුල ද වැඩි දැනුමක් තිබුනේ නැත

This image has an empty alt attribute; its file name is MG_0766.gif

කුඩාකල දිනපතා වික්ටෝරියා ජලාශයේ නාන්නට ගිය මට අම්මා කාරණා කීපයක් කියා දුන්නාය අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ වැව් පිහිටා ඇති බවත් අතීත රජවරු සැදූ වැව් දහස් ගණනක් රටේ ඇති බවත් ඇය කියා සිටියාය

බොහෝ වැව් වික්ටෝරියාවට වඩා විශාල බවත් වික්ටෝරියාව සාදන කාලයේ දී මෙන් වැව් තැනු කාලයේ මිනිසුන්ට මිනිසුන්ගේ ඉඩම් වලට හෝ කැලෑවට හානි නොවූ බව ඈ කියා දුන්නාය

වැව් පිරෙන්නේ අහස් දියෙන් බැව් කියා දුන් ඈ ගලන ගඟක් හරහා වේල්ලක් බැඳීමෙන් ජලාශ තැනෙන බව වික්ටෝරියා ජලාශය පෙන්වමින් කියා දුන්නාය

වැව් ගැන ඇය දැන සිටියේ එපමණක් ම විය

එකළ අප ජීවත් වූ තෙල්දෙණිය බඹරගල ආසන්නයේම වැවේ ගම නම් ගමක් විය

වික්ටෝරියාව ජලාශයක් නම් වැවේ ගමට ජලාශයේ ගම කියන්නේ නැතුව වැවේ ගම කියන්නේ ඇයි දැයි මාහට කුඩාකල සිටම ගැටලුවක් විය

එදා මෙන්ම අම්මා ට අද ද එයට පිලිතුරක් නැත

මේ ගැටලුව ලිහා ගැනීමට මට වසර ගණනාවක් ගතවිනි

අපේ ඉතිහාසය වසංකලා මෙන්ම ඉතිහාසය සහ ශිෂ්ඨාචාරයේ එක් වැදගත්ම අංගයක් වන වැව ද අපෙන් වසං කර ඇත

සහ සුද්දෙන් ම කියනවානම් මහා සිංහළේ වැව් පද්ධතියේ අවසානය ලඟා වී ඇත

මේ ගෙවෙන්නේ අතිශය පරිසර හිතකාමී වැව් පද්ධතියේ අවසන් කාලයයි

මේ වන විට අපේ වැව් පද්ධතියම අඩපණ වී අබ්බාගාත වී අසරණ වී හමාරය

එදා කිරීට බලය තහවුරු කරගැනීමට බිරිතානි ආණ්ඩුකාරයන් ඉමහත් පරිශ්‍රමයකින් විනාස කරන්නට තැතනූ වැව් පද්ධතියේ අවසානය පසුකාලීන කලු සුද්දන්  සහ අනුකාරක බටහිර උගතුන් ගේ වෑයමින් සාර්ථක වෙමින් පවතී

මේ විනාස වෙන්නේ වැව් පද්ධතිය පමණක් නොව වැව් මුලික කරගත් ඒ මහා සංස්කෘතියයි

බිරිතාණි ආක්‍රමණිකයන් එදා පටන් දත කෑවේ ඒ සංස්කෘතිය විනාසකරන්නට බව බිරිතාණි ගතියට   ත් නූතන සංස්කෘතිය යැයි හඳුනා ගන්නා සංස්කෘතියේ අතරමං වී ඇති බොහෝ දෙනෙකුට නොතේරේ

වැව් විනාස කිරීම සංස්කෘතිය විනාස කිරීමේ එක මූලිකම ක්‍රියා පටිපාටියක් වියයුතු බව අධිරාජ්‍ය ව්‍යාප්තවාදී අරමුණින් පැමිණි බිරිතාණි ආණ්ඩුකාරයන් සියවස් ගණනකට පෙර ම දැන සිටියහ

මහා ශිෂ්ඨාචාරයක ජීවනාලිය වු වැව හිතාමතා විනාස කිරීම වාවා ගත නොහැකිය

රැකගැනීමට කළ යුතු දේවල් එමටය ~ රැකගැනීමට කළ හැකි කළ යුතු දෙයක් වහ වහා කළ යුතුය~ යුතුකමක් වශයෙන් මෙය ලියා තබමි

තමාගේ උපාධි නිබන්ධනය කෙසේ හෝ අවම ආයසයකින් නිම කිරීම ට කොහෙන් හෝ තැනකින් විස්තර රැගෙන ලියන බහුතර පිරිසක් අද සමාජයේ ඇත

ඔබගේ බටහිර විද්‍යා නිබන්ධනය සදහා වැව් ගැන වියුක්ත ව කරුණු රැස් කරනවා ට වඩා හැකි නම් වැව් තනා දී තවත් ජලය නොමැති ව ලොකයේ කොහේ හෝ ජීවත් වන පිරිසක ගේ ජල අවශ්‍යතාවය සැපිරීම වඩා උචිත වේ

වසර දහස් ගණනක් මේ වැව් නොනැසී පැවතුනේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් එහා මානයක විද්‍යාවක් සිංහළ දියාලුවන් සතුව පැවති බැවිනි

ඒ විද්‍යාවේ මහිම කෙසේ ද යත් වැව මිනිස් නිර්මාණයක් යැයි වෙන්කර හඳුනාගත් නොහැකි තරමට ම වැව් සිරි ලක සොබාදහමේ ම අංගයක් බවට පත් වී ඇත

සමාජ සංස්කෘතික ඝාතනයේ යෙදෙන විවිධාකාර පාර්ශව වලින් ඉතුරුවී ඇති වැව් ටිකවත් රැකගැනීමට යම්තම් හෝ රුකුලක් වන පරිදි මෙහි ඇති ඡායාරූප කිසිවක වැව් වල නම් සඳහන් නොකරන බව සළකන්න

මෙහි ඇති අඩු පාඩු භාෂාව, කරුණු පිලිගැන්වීම හෝ ඕනෑම දෙයක් පිලිබද ඔබේ අදහස් උදහස් යෝජනා අගය කොට සලකමි 

මෙහි යෙදන පද සහ යෙදුම් වලට අමතරව තවත් ප්‍රාදේශීය භාෂා යෙදුම් තිබිය හැක
ඔබ දන්නා දෙයක් තිබේ නම් සංස්කෘතික මංකොල්ලකාරයන්ට අසු නොවන පරිදි එයද සඳහන් කර යන්ට

දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ ඒකීයභාවය නැතිකරීම මූලික කොටගත්  විවිධාකාරයේ පද වදන් යොදමින් මෙහි නිරන්තරයෙන්ම යෙදෙන සිංහළ යන පදය පිලිබඳ විවිධාකාරයේ ගැටලු පැන නංවන අදහස් වලට උදහස් වලට මම ප්‍රතිචාර නොදක්වමි

මේ ලිපි බොහොමයක අවසානයක් නැත… ඒවා එහෙම තමා.. බටහිර ආරේ ලිපි නෙවේ
අවසානයක් නෑ .. සංසාරයක් තියෙනවා…

ඕං අපි ගියා ආයුබෝං ~~