නිල මී කැඩීම

හෙළ මී නිල මී කඩන්නන්ට උපහාර පිණිස


මී කැඩීම අතීතයේ සිදුකළේ sustainable ආකාරයටය

නමුත් පසුකාලීනට නිල මී කඩන්ට අවසර නැති වුන් පවා මී වද ගිනි ලමින් මී කඩන්නට පුරුදු විය

නොයෙක් දෙපාර්තමේන්තු ද බටහිර ක්‍රම අදුන්වා දෙමින් මේක කරන්ට මිනිස්සු පුරුදු කරන ලදී

වරදක් නැත නමුත් ආනයනය කලදෙයින් ඊට වඩා හොඳ දෙයක් නැතිවිය ~ තිලාපියා ඉෆෙක්ට් එක 

හෙළ මී කැඩීම ට රුසියෝ මී වද යක් සොයාගත් පසු මැස්සන් හඹමින් මී යක් සොයන ආකාරය ඉතාම රසවත්ය

නිල මී කඩන උදවිය බොහෝ වද කන්න 40-50ක් ම කඩයි

ඒ ඒ මාසයේ මී පැණි වර්ග ඇත

මැස්සා රොන් ගේන ගස් අනුව මේ පැණි වල රස ඇතුලු අනෙකුත් ගති ගුණ වෙනස්

මැස්සන්ට පැනි ගන්ට උවමනා ගස් රැකීමද ඒ රූස්ස ගස් වල මල් පීදෙන්නට කැලේ ගස් වලට සාත්තු කිරීම ද ගැමියෝ සිදුකරේ ඉමහත් ආසාවෙනි

කැලේ ඇති නිල මී යට කිසිවෙකු අත නොතබයි

වද බහින මැස්සන් ජාති කීපයකි

බඳින වදේ අනුව ඒ ඒ වදේට නම් ඇත

කැලේ යද්දී බඩගින්නට කඩා ගන්න වදේ මෙන්ම බෙහෙතට කඩන වදේ එක කට එකක් වෙනස් ය

කෑමට කඩන වදේ මේ හැමකටම වඩා වෙනස්ය

නිධාන තැන්පත් කරද්දී මී පැනි බහලූ වීදුරු බෝතල තැන්පත් කරන්නේ ද යම් හේ තුවක් ඇතිවය

කාටත් වඩා පටිච්චසමුප්පාදය දන්නා මේ ජාතියේ එවුන් හැම දේම කලේ ආදීනව දැන ගෙනය

මේ සඳහා ආධ්‍යාත්මික වතාවත් ද සිදුකරන අතර වද හෙවීම කැඩීම නැකතට කරන්නේ මැස්සන්ට හැමදා වද බදින්නට හැකි වෙන්නටය

කැලෑ දෙපාර්තමෙන්තුවට පින් සිද්ද වෙන්ට කැලෑ කපා තේක්ක වගා කල පසු මී පැණි වලට තවත් කණ කොකෙක් හඬන්නට පටන් ගති

ලංකාවේ මීමැස්සන් ගැන් බටහිර විද්‍යාත්මක ආකාරයේ පොඩි පොඩි පර්යේසන කරන අනුකාරක විශ්වවිද්‍යල ආචාර්ය වරයෙක් දිනක් මගෙන් මී කැඩීම ගැන ඊනියා පර්යේශණ පත්‍රිකාවක් ලියන මෙන් ඉල්ලා සිටි න ලදි ~ කොස් ටින් කර ගමේ විකිනීම පාප කර්මයකි….

වදෙන් මැස්සන් එලියට ගන්ටත් ලොකු මැස්සා වෙන්කර ගන්ටත් දැනුමැති මී කඩන්නෝ තවමත් ඉඳහිට හමුවේ

වැදි ජනයා ගේ මී කැඩීම මේ හා සමානම කුසලතා වලින් පිරුනු වික්‍රමාන්විත ක්‍රියා වලියකි

ඔවුනට සූක්ෂම නැකැත් මන්තර නැත

යම් යම් දේ වල් කොතරම් රසවත් උවත් ඒ වා මෙහි කියා නැත් තේ කියලා දුන්නෙ නැත්නම් ඉස්සරහට යන්නෙ කොහොමද මගෙ තර්කය නොවේ නිසාය

මේ වෙලාවේ මී කැඩීමේ බිස්නස් එකේ ආදීනව දන්නවුන් රැකීම කලයුතුය.

ඔවුන්ගේ පරම්පරා phone එකටත් motorcycle එකටත් පමණක් සීමා වීම වැලැක්විය යුතුය

හීං බණ්ඩා ගේ පරම්පරාවෙන් ම නිල ගමේ නිලමී කැඩීමට උරුම විය

ඔහුට මතක ඇති ආකාරයට ඔහුගේ පියාත් සීයාත් දෙදෙනාම කැටුව කුඩා කල මී කඩා ඇත

එකම රංචුව යොදා ගෙන ජීවිතකාලයේම කැඩූ වද ගැන හීං බණ්ඩා කියන්නේ ආඩම්බරයෙනි

මට හමු වෙද්දී ඔහුට වයස අවුරුදු 92කි

මා දෙවන වර ඔහුගේ නිවසට යද්දී ඔහු මිය මිය ගිහින්දී

ඔහුගේ පුතා දැන් මී වල අයිතිකාර යයි

වනේ ගජිදාය දුටුවොත් වනසාය
ලිඳේ පනිදාය වැටුනොත් ඌ කාය
අතෙකින් කර වැලෙකි අතෙකින් දඬු බෑය
මරන තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

උඩ තියෙන්නේ දඬු බෑයක්