2022 ආර්ථික අර්බුධය ට වඩා දරුණු බැමිණිතියා සායක් එනවා | සත්තයි!!

–මට මේ 2022 economic crisis එක ගැන ඊනියා macroeconomic සතුටක් තියෙනවා


Financial crisis කියන දේවල් ලෝකේ අලුත් දේවල් නෙවෙයි 
ලෝකයේ 1800 ඉඳං අද වෙද්දී මහා පරිමාණ financial crisis 10 ක් විතර වෙලා තියෙනවා
ඒ නිසා සිරි ලක් වැසියෙක් විදියට ලැජ්ජා වෙන්ට බය වෙන්ට එපා කෙලිං ඉන්ට..


Serial killer වගේ ලෝකේ පත්තර වලිං හංවඩු ගහපු රටකට ටික කාලයක් යනකං serial defaulter ලේබලේ වදී
(හැබැයි පුතා අපිට world economic crisis ඉතිහාසයේ සමෝධාන්විත debt, trade, gnp, inflation, x-rate, interest rate, commodity price මේ සියල්ල එකතුවෙලා ෂොට් එක වදින ලයින් එකක් තියෙන්නේ – thanks every one! 


Emerging markets borrowing කරද්දී ඒක මේවගේ තැං වලට වැටෙනවා – (ඇයි ඒ ? – google sovereign debt crises and pro-cyclical, if you need evidence and why) 


 ජපානය ප්‍රංශය ජර්මනිය රුසියාව චීනය වගේම රැජිනගේ ආණ්ඩුවත්  WWII ණය කාලයක් ගෙව්වා (එයාලා debt restructuring හරියට කරා හරිද )
ලංකාව තාම emerging market නෙවයි
ඒ නිසා අපිට වැඩේ අමාරුයි ණය දාලා පුම්බපු දළ ජාතික නිෂ්පාදනයක් තිබ්බට අපි වැඩිපුර නිෂ්පාදනය කරලා තියෙන්නේ බොරු සිතුවිලි අණවින කොඩිවින හූනියං ඊරිසියාව වෛරය කැපිලි කෙටිලි තමා… පත්තරයක් අරං බලන්ට


අනික මේ අපිට වෙන crisis එක ලෝකෙට ම ව්‍යාප්ත වෙන මහා පරිමාණ එකක් වෙන්නේ නෑ


ඕන නං බැමිණිතියා සාය මතක් කරගන්ට – ඒක තාම ඇවිත් නෑ – හැබැයි  අපි ඒ තැනට තාම ඇවිත් නෑ.. හැබැයි පාර කැපිලා තියෙන්නේ


කතරගමට දෙවි වැඩලා – මකර තොරණ මුර කරන්ඩ

අතරමඟදි රැගෙන මුගුරු – යකුන්ට බැටදී වඩින්ඩ

රන් යමකින් ගෙතුවා වැනි – සැඩ පළු සිරසේ දිලෙන්ඩ

කන්ද සාමිටත් බැරිය – ගොටුව නොදී වළක්වන්ඩ


හැබැයි ඒ එන සාය හරියට පාලනය කර ගත නොහී නම් තව අවුරුදු 10 /15 න් විතර අන්දරේගේ සීනි ත් නැති වෙයි – බැමිණිතියා සාය ටත් වඩා ලොකු වෙනවා  (රටේ පොඩි උන්ට කතාකරාම උංගේ මොලේ හාරලා බැලුවාම ඒක දර්ශණය වෙනවා )

මේ අස්සේ වෙන sovereignty, brain drain,  deal ගැන මං බයයි රට ගැන දුකයි 


ඒ ඇරුනම  අවංකවම මට නං හිත ඇතුලේ මේ crisis එක ගැන ඊනියා macroeconomic සතුටක් තියෙනවා 

1. හරියට debt  restructuring කරොත් ලංකාව emerging track එකකට දාන්ට ලස්සනට පුලුවං අවස්ථාවක් 


2. ලංකාවේ ආර්ථික පංතිභේදය  Newyork Times මවන ආකාරයේ බිල්ලෙක්  නෙවෙයි නිසා මේකෙන් තව ටිකක් මිනිස්සු තේරුම්ගනී  ආඬී  ආර්ථික කැඳ හැලියේ තියෙන්නේ වතුර විතරයි කියලා. (බහුතරය තවමත් බලං ඉන්නේ free lunch එක නම් සොරි සෝඩා තමා කියලා තේරුනොත් හරි) 


මෑත කාලීනව IMF WB  debt crisis / default එහෙම උනාම  ගොඩ දාන්ට උදවු කරනවා 
මේ වෙලාවේ 1980 Mexico කරපු දේ අපිට කරන්ට බෑ.  අපි යුනියන් එකේ ඉන්න ග්‍රීසිය ස්ස්පාඤ්ඤය ත් නෙවෙයි. ඔස්ට්‍රියාවත් නෙවෙයි චිලීයත් නෙවෙයි


රටේ ඉන්නේ තමන්ගේ පාඩුවේ කාටවත් කරදර නොකර රජයේ රැකියා කරන සෙට් එකකුයි රජයේ රැකියා හොයන සෙට් එකකුයි නේ. ඒ අය එක්ක ඒ වගේ දේවල්  කරන්ට අමාරුයි.
ඔන්න පුලුවන්නම් පුරාණ යුරෝපයේ bloodletting – තරහ අවසර මේක default උනාම දුන්න දඬුවමක් ආයිබෝං – කරන්ටත් පුලුවං



අපේ අරගල කැරලි වෙනස කරන්ට හදන කණ්ඩායම් මේ එක එක ජාතියේ දේවල් කරන්ට ලෑස්තියි

චණ්ඩාලතිස්ස ලා දඟලන්නේ ආණ්ඩු මාරු වලට විතරයි සාගත ආවට අවුලක් නෑ වගේ. ලොක්කෙක් වෙන්ට විතරයි දඟලන්නේ



හැබැයි ඒකෙන් අර අනාගතේ එන බැමිණීතියා සාය  නවත්තන්ට බෑ – මේ එන සාය එසේ මෙසේ එකක් නෙවෙයි. වට්ට ගාමිණී අභය පරපුරක් හදන්ට වෙයි ඒකෙන් ගැලවෙන්ට

ඒක පටංගත්තේ අද ඊයේ නෙවෙයි.. දශක කීපයක ඉඳන්
ඒක පටංගන්තේ ආර්ථිකයෙන් / නිෂ්පාදන අඩු පාඩු වලින් නෙවෙයි

හැබැයි රටක් විදියට අපිට මේ වෙලාවේ 2022 දැනුනේ ආර්ථිකයෙන් එන shock එක දැනෙද්දී විතරයි — 2019 ඉඳන් උන දේවල් මෝඩ විදියට ගත්ත ණය මෝඩ ප්‍රතිපත්ති දුර දක්නා නුවණ නැතිකම පගා හොරු රැවටීම –(2009 ලෝකෙටම කෙල වෙද්දී යුද්ධයක් අස්සේ අපි ෂේප් කර ගත්තා — Good job MR) මේ සැරේ නම් අමාරුයි


මේ economic crisis එක ත් අනාගතේ එන බැමිණීතියා සාය ත් මේ තැනට ආවේ අධ්‍යාපනික සංස්කෘතික පරිපාලනමය සෝදාපාලුව නිසා — පටන්ගත්තේ කවදාද කගෙන් කාගේ වරදින්ද කියලා හිතලා බලන්ට
(ඒවා දර්ෂක වලට අහුවෙන්නේ නෑ –  විශේෂයෙන්ම බටහිර දර්ෂක වලට
මේ තරම් ආධාර යවලත් අප්‍රිකානු රටවල් වල පල්ලේ යන්නේ ඒනිසා)


(2018 UPM කතාවක ඉතියෝපියාව වගේ වෙන්ට කැමති නැද්ද කියල මම  අහද්දී කට්ටිය ලැජ්ජාවෙන් ඇඹරුනා මතක ද දන්නෑ – අද ඉතියෝපියා යුද්දේ නැත්තං උං අපි ගැන ලැජ්ජා වෙනවා) 


පුලුවන්නම් short term political and system change රැළි පෙරළි පෙරළිලි නැතුව දශක එක හමාරක් දේශපාලනයෙන් පරිබාහිර long term governing and alignment plan වෙනසකට පෙරළියකට යන්ට – මෙතන දි ලොකු off set එකක් වෙනවා ~ ජනප්‍රිය වෙන්ට බෑ ලොක්කෙක් වෙන්ටත් බෑ (no soda)


හැබැයි අද පටංගත්තතොත් තව අවුරුදු 40න් අපිට ඊනියා macroeconomic නොවන විදියකට සතුටු වෙන්ට පුලුවන් වෙයි Short term / mid term / microeconomics නම් ටික කාලයක් යනකං දුක තමා රංජනී)

උඹ කියන්නේ ලෙලිත් නැති වෙන්න යන්නේ කියලා ද ? ගොඩ යන්න කිසිම චෑන්ස් එකක් නෑ වගේ ද?

හරි දේ හොර බොරු නැතුව සුවච කීකරුව කරොත් එහෙමම කෙල වෙන්නෑ කියලයි මම කියන්නේ හිතපං කුස්සියට පනින බල්ලා ටයි කැරපොත්තා ටයි සෙරෙප්පුවෙන් ගහනවා දෙන්නට වදින විදිය වෙනස් ලෝක ආර්ථිකයේ අපි කැරපොත්තෙක් බං හැබැයි සමහර වෙලාවට කැරපොත්තා බේරෙනවා

ඒක නම් හිත හැදෙන කතාව ක්. උඹ කියන්නේ බයිඩව තෝරාගන්න වෙයි කියලා ද ? religiously!! not just as a trading partner but mainly as an immediate technology acquirer, education overhauler, (the) major banker and financial advisor (I’d even anchor the LKR to $), and a long run mediator in possible aggravation of geopolitics in the home ocean. (wise solution for 2022 economic crisis)