කිරිබිවු හරකාට කිරි අම්මා කිවූ ජාතියක් කුඹුරේ වැඩ ගත් මී හරකාට මයෙ බුදු අප්පොච්චියා කිවු ජාතියක්
හෙළ හරකා හෙළ බිමෙන් අයින් කර ඒරොප්පේ promote කිරීම
භාරත හරකා (Indian Cattle ) අපේ රටට ඔනෑ යැයි FB comment එකක් දැක්කෙමි
එනිසා අපෙ හරකා කවුදැයි සටහනක් තැබිය යුතුය
ඉන්දීය හරක් සහ අපේ හරක්
හරකුන් ට නම් ලැබී ඇත්තේ වාසය කරන ප්‍රදේශය අනුවය
Holland සහ Friesland ප්‍රදේශවල වාසය කරන හරකා Holstein Friesian cattle ලෙස නම් කරන අතර England Herefordshire ප්‍රදේශයේ වාසය කරන හරකා Hereford ලෙස නම් කර ඇත
අපගේ භූමියේ වාසය්කල හරකා ප්‍රමානයෙන් ඉහත කී හරකුන්ට වඩා කුඩාවිය
භාරත බ්රාහ්මීය හරකා ගේ වසු පැටවකුට වඩා තරමක් විශාල ශරීරයක් ඌට ලැබී තිබුනේ බටහිර සත්ත්ව විද්යවෙන් පහදන පරිදි භූමි ලක්ෂණවලට ගැලපෙන්නටය
එමෙන්ම මේ හරකා අපගේ දේශගුණයට මනාව අනුවර්තනය වී සිටි සත්වයෙකි
මොවුන් අප රටේ පැවති රෝගවලට ඉතා ප්‍රතිරෝදී වු අතර ඕනෑම පරිසර තත්වයකට ඔරොත්තු දෙන සත්ත්වයෙක් විය
දේහයේ ප්‍රමානයට ගැලපෙන්නට ලබුනු කිරි ටික සාපේක්ෂව අඩු උවද එම කිරි ඝනත්වයෙන් ඉතා වැඩිය
මේ සතා ගේ කිරි බිවු මිනිසුන් ගුණා ගුන දන්නා අතර අණුකාරකයන් හෝ ආඩි මහත්වරුන් කිසිවෙක් මේ පිලිබඳව ඊනියා පර්යේෂණයක් නොකල නිසාවෙන් එහි පෝෂණ ගුණැය ගැන නොදනී
හෙළ හරකා ගේ කිරි වලට සෙම කෝප නොවන බැව් තතු දන්නෝ කියති
සෙම නැති විද්‍යාවක කිරි වලිං සෙම ගතියක් ඇති කරන්නේ කොහොම ද කියා අහන්ටත් බැරි නැත
නමට හරිත වූ විප්ලවය නිසා අපේ හරකා මස්කඩයට දක්කා වැඩිපුර කිරි පොවන්නට කියා භාරත හරක් අපේ රටට අදේශ කෙරිණි
කෙසේ උවත් පිටි කිරි පෙවීම WTO ආයතනයේ තකතීරු ආර්ථික ප්‍රතිපත්ති වලට වාසි සහගත බැවින් ඒ කිරිද නොබී අපව විස පිටි බීමට පුරුදු කරවන් ලද්දේ ද මේ විප්ලව හඳුන්වා දුන් පුද්ගලයන්/ ආයතන ය
අවසානයෙ අපේ හරකා අපට නැතිවිය
ඉන්දීය හරක් ටික සහ වෙනත් හරක් ඉතුරු විය
කිරිබිවු හරකාට කිරි අම්මා කිවූ ජාතියක්, කුඹුරේ වැඩටගත් මී හරකාට මයෙ බුදු අප්පොච්චියා කිවු ජාතියක් මෙය දැනගත යුතුමය
අපේ හරකාට අද අපි එළ හරකා කියයි
මේ නම වැටුනේද ඉහත හරක් මෙන් ජීවත් වූ ප්‍රදේශයට අනුකූලවමය
හෙළ යේ සිටි හරකා > හෙළ හරකා > පසුව එළ හරකා විය
පසුකාලීනව ඊනියා අනුකාරක යින් මේ සත්වයා නිකම්ම නිකන් බටු හරකා බවට පත් කර කිරි සහ මස් වැඩි ඒ සමගම ලෙඩත් වැඩි රට හරක් ආනයනය කලහ
අපේ මුතුන්මිත්තන්ගේ වසර දහස් ගනනක වෑයමින් අපේ බිමට හුරුකල මේ වටිනා සත්ත්වයා අද ඉතා දුලබ දසුනකි
නාම රූප වලින් ලොකු හරක් අපිට එමටය
උන්ට ලෙඩද එමටය
හරකුන්ගේ ලෙඩට බටහිර බෙහෙත් ද එමටය
ඒවා පාවිච්චි කර කර රට හරක් ගේ ලෙඩ හොඳ කරන්ට දගලන අපි ආපසු අපනයනය කරන සල්ලිද එමටය
අපට අවශ්‍ය ඉන්දීය බ්රාහ්මන හරක් නොවේ
උන් ගැලපෙන්නේ භාරතයටමය
අප ට අවශ්‍ය වන්නේ අපේ හෙළ හරකාය
මන්ද මේ බිමේ උරුමය ඌටය
මෙය ලියු විට හරකා යන වචනය දෙයාකාරයකට භාවිතා කලහැකි බව පෙනිණි
ඒරොප්පේ දැන් දැන් අපේ හරකා සංරක්ෂණය කරනවා කියමින් උගේ ඇති සුවිශේෂී ලක්ෂණ නිසාවෙන්ම හොරෙන් හොරෙන් හෙළ හරකුන් ඇතිකරයි
මෙය හරක්ට පමනක් නොව මුලුමහත් හෙළ දැනුම ට තාක්ෂණයට ම පොදු කාරණයකි
ආක්රමණිකයෝ civilize කරනවා යැයි කියමින් අපට රොඩු ටික දී ගියහ
අපද ඒවා බදාගෙන හෙළයෙන් සුද්දන් හොරකම් කරගෙන ගිය දෑ පිලිබඳ පැවසූවන් ට හිතලු නිර්මාණය කරනවා යැයි පවසයි
බටහිරයන් අපේ ක්‍රම පාදක කරගෙන ඔවුන්ගේ ගමන සඳහා අවශ්‍ය තිරසාර ක්‍රම සොයාගන්නට උත්සාහ කරයි
අප අපේ ක්‍රම අනවශ්‍ය යැයි සිතයි
මෙය හරකාට පමණක් නොව කෘෂි වාරි බලශක්ති පරිසර මෙකී නොකී සියලුම දේ ඇතුලුව නූතන ඊනියා සංවර්ධන මොඩලයටද අදාලයි
ඔවුන් නැවත් අපේ තැනට පැමිනෙනෙ විටෙක අපි ට අපේ දේවල් වැරදියට පෙනෙන්නට පටන් ගනී ද?
බටහිර ඊනියා පර්යේෂණ පත්‍රිකා වලට අනුවම අද ලංකාව නම් භූමියේ වසර 13000 කට කලින් ගොවිතැන් කර ඇති බව පවසයි
මහා සම්මත මනු වසර 28000 කට පෙර මේ භූමියේ සිටි ගොවියෙක් බව පිලිගන්නට ශ්‍රී ලාංකික යා මැලි උවද රටට පිටින් පැමිනි පිරිස් එය හොඳාකාරවම දනී
මෙහෙවු ගොවිතැනක් තිබූ රටකට ඊනියා අධිරාජ්‍යවාදී WTO ආයතනයේ ආක්රමණික සංකල්ප වලට අනුව Green Revolution ගෙන එන්නේ අපට ආදරයට නොවෙයි
බටහිරට කත් අදින ඊනියා අනුකාරකවාදීන් විසින් නමට හරිත වූ විප්ලවය “හරිත විප්ලවය” නමින් නම් කල මෙය අපගේ කෘෂි සංස්කෘතිය විනාස කර එයට ආදේශ කලේ Agro business සහ Agro industry ය .. එහි ප්‍රතිඵල මෙහි කතාකරන්නට නොහැක්කේ ඒ ගැන ලිපි ගණනාවක් ලිවිය හැකි නිසාය….