මහ වැව්
ප්‍රමාණයෙන් විශාලය. ඒ විසල් බව නිසාම හෙළ සංස්කෘතියේ මෙන්ම බෞද්ධ වංශ කථා වල වැව් බොහෝ විට සයුර හෝ සමුද්‍රය ලෙස නම්කර ඇත. මහ වැව් වැව් පද්ධතියක මූලිකම ජලය ගබඩා කරනා ස්ථානයයි. මේ වැව් වල වපසරිය ඉතා විශාලය. ජල ධාරිතාවය එකිනෙකට වෙනස්ය.
රුහුණු, රජ රට සහ සත්කෝරලයේ කුඹුරු ගොවිතැනට අවැසි ජලය ලබා ගැනීමට මහ වැව් අතීතයේ පටන් සිදු කරන කාර්යභාරය මෙතෙකැයි කියා නිම කළ නොහැක.
සිරි ලක මහ පොලොවට වැටෙන ජලය බිඳක් බිඳක් පාසා මහ වැවෙ ක එකතු කර ගනු රිසියෙන් මහ වැව් තනා ඇත. වැසි දිය ගම් වැව ටත් එතනින් වෙල ටත් වැටේ. ඒ වෙල් පහු වතුර නැවත කු`M වැව් වල ටත් නැවත වෙල් වල ටත් ආපසු ඇළ වල් දිගේ කුඹුරු ලියදි වලටත් ඉන් පසුව නැවත් වෙල් යායවල් දිගේත් ගමන් කරයි. මේ අවසන් වෙල් පහු වතුර මහ වැවකට යයි. මහ වැවෙ ක වතුර නැවත ඇළ මාර්ග ඔස්සේ බෙදා හැරේ. ඉන්පසු නැවතත් වෙල් පහු වතුර ආපසු මහා වැවකට වැටෙන පරිද්දෙන් මුලු වැවු පද්ධතිය ම නිර්මාණය කර තිබේ.
කොතරම් විශාල ජල ස්කන්ධයක් රැස් කර තිබුනද මහ වැව ද කුඩා වැව මෙන් සොබා දහම සමඟ මනාව සම්බන්ධ වී ඇති අංගයකි.
කු`M වැව්
මහ වැව් වලට රොන් මඩ එකතු වීම වැලැක්වීමට යොදාගන්නා තාක්ෂණ ක්රමයකි. මේවා මහ වැව් තරම් විශාල නැත. කු`M වැව් පිහිටුවන්නේ මහ වැව වටාය. සාමාන්‍යයෙන් එක් මහ වැවක් වටා කු`M වැව් සිය ගණනක් පිහිටයි.
වැසි වසින විට කඳු පල්ලම් දිගේ උස් බිම් වල සිට මෙන්ම වැව් ඉහත්තාව ඔස්සේ වතුර ගලා විත් කු`M වැව ට වැටේ. මේ ගලා එන වතුරේ රොන් මඩ බහුල ය. (වැසි වතුර නිසා පාංශු ඛාදනය තරමක් දුරට සිදු වේ). මේ ගලා එන පස් රොන් මඩ බවට පත් වී වැව තුළ තැම්පත් වේ. රොන් මඩ තැන්පත් වීමෙන් වැව් ගොඩ වේ. එවිට ජල ධාරිතාවය අඩු වේ.
කු`M වැව් මඟින් මේ රොන් මඩ තැන්පත් කර ගනී. රොන් මඩ කු`M වැවේ තැන්පත් වූ පසු වැව වාං දමන විට වාං වතුර මහ වැවට ගලා යයි. ඒ වතුරේ රොන් මඩ නැත.
මහ වැව් වලට ඉහළින් උස් බිමේ කු`M වැව් ඉදි කර ඇත. මහ වැවට වතුර ගලන ඇලවල් වල ද කු`M වැව් ඉදි කර තිබේ.
කු`M වැව් වලින් භූගත ජලය සංරක්ෂණ කරයි. ප්‍රදේශයේ උල්පත් දිය වැඩි කරයි. ඒ උල්පත් දිය නැවත වැව් වලට එකතු වේ. එබැවින් වැසි නැති කාලයේ දී පවා කු`M වැව් වල කාර්යභාරය අතිමහත් ය.
නවීන තාක්ෂණයත්, මහා මුදල් කන්දරාවක් සහ ශ්‍රමයක් යටතේ නිම කරන ජලාශවල මඩ තැන්පත් වී ඇති ආකාරය. වික්ටෝරියා ජලාශය 2012 දී
ගම් වැව්
වැව් ගම්මාන යන පදය ව්‍යවහාරයට එකතු වන්නේ කුඩා වැව් මුල් කරගෙනය. ගමක් අද්දර කුඩා වැවක් තනාගෙන ඒ වැව් ජලයෙන් කුඹුරු ගොවිතැන් කිරීම සිංහළ සංස්කෘතියට අනන්‍ය ලක්ෂණයකි. ගම් මැද්දේ ජීවිතයේ වැව මූලික වේ. ගම් වැව් වල එක රැස් වෙන ජලයද කෙත් වතු දිගේ ඇල වේළි දිගේ අනෙක් වැව් වලට ගලායයි. ගම් වැව් යනු කුඩා පරිමාණ ව්‍යාපෘතියකින් මහාපරිමාණ ඉලක්ක සපුරා ගැනීම ට හොඳම උදාහරණයකි.
ගම් වැව් හෙළ වාරි පද්ධතියේ ඉතාම සුවිශේෂී අංගයකි. ප්‍රමාණයෙන් මහ වැව් වලටත්, කුඩා වැව් වලටත් වඩා කුඩා ය. වෙල් යායක් අස්වද්දන්ට හෝ ගමකට පාවිච්චියට උවමනා කරන වතුර ප්‍රමාණයට සරිලන ධාරිතාවයකින් යුක්ත ව නිර්මාණය කරයි. කුඩා වැව් වෑ කොටු නමින් ද හැඳින්වේ. බොහෝ වේලාවට වැව් පද්ධතියේ ඉහලින්ම පිහිටයි. කුඩා වැව් තාක්ෂණය දෙකන්නේ වී වගාව කර ගැනීමට ගැමියන්ට රුකුලකි. වැසි නැති කාලයේ දී ගමට වතුර සපයන්නට ද කුඩා වැව් වලට හැකි ය. අවාසනාවකට මෑත කාලයේදී කුඩා වැව් බොහොමයක් ගොඩ කෙරී ඇත.
ගමේ කුඹුරු කට්ටිය කර ගැනීමට ගම ආසන්නයේ වෑ කොටුවක් තැනීම සිංහල ශිෂ්ඨාචාරයේ මූලික සංස්කෘතිය අංගයක් බවට පත් වී තිබුණි. ගමක් සමඟ වැවක් තිබීම රජරට හා සත් කෝරළයේ සුලභ අංගයකි.
එක පවුලක කුඹුරු යායක් අස්වැද්දීම්ට වෑ කොටු තනා ගෙන ඇති අවස්තා මා හට හමු වී තිබේ. බැලූ බැල්මට මෙය පුද්ගලික වාසිය තකා සිහුකර ඇතැයි හැඟේ. නමුත් සත්‍ය එය නොවේ! කවුරුන් හෝ වෑ කොටුවක් තැනුවේ නම් එහි එකතු වී ඔවුනොවුනගේ කුඹුරු හරහා ගලන දිය පොද නැවත් තව කුඹුරකට හෝ වැවකට ගමන් කරයි. මහා සිංහළේ චින්තනය සු`M කොට තැකිය නොහේ!!!
නූතන තාක්ෂණ ය හෝ බටහිර විද්‍යාත්මක ක්‍රම උපයෝගී කරගෙන පරිසරයට හානියක් නොකර සතා සිවුපාවා ටද රැකෙන්නට හැකි වෑ කොටු ව වැනි සංකල්ප හෝ නිර්මාණ තවමත් බිහි වී නැත. මහ පොළොවට වැටෙන වැහි බිඳ පවා එක් රැස් කර ගෙන පාවිච්චියට ගැනීමට කුඩා වැව් වල මෙහෙය අති මහත් ය.
වෑ කොටුවෙන් වතුර බොන මිනිසුන්ගේ පෙලපත් වල ට තවමත් රජරට වකුගඩු රෝගයෙන් හානි පැමිණ නැත.
වී අමුණු 15 ට සහ පවුල් තිස් දෙකකට ජලය සපයන වෑ කොටුවක්