මගේ උං ටික නං දෙන්ට බෑ.. එහා කඩෙං අරං දෙන්නං..
බොස්ටන් වල මිල : සාමාන්‍ය තිත්තයා එකෙක් ඩොලර් 2.49 (2017)
වේල් ටේල් තිත්තයා – යට පින්තූරේ ඉන්නවා – එකෙක් ඩොලර් 3.99
කී දෙනෙක් ඕනද… – tax එක ගහන්නේ අන්තිමට
අතූඩිය පැලේකුත් දෙන්නං.. හදාගන්ට පුලුවන් නේද – හැබැයි මේක මේ ඉක්මනට මැරෙන්ට බලනවා…
හා පුරා කියලා ලේ තිත්තයා ඉස්සර වෙලාම දැක්කේ අවිස්සාවේල්ලේ රබර් වතු අස්සෙන් ගලන ඇල වල් වල – මූ නුවර අවට නෑ
තව ආවේණික මාලු එක්ක මූත් ඇලේ ඉන්නවා.. බුලත් හපයි අසෝක ගල්පාඬි සිංහළ – එකට පීනනවා – ඔක්කොම ආවේණික… ඒ කාලේ මූව දැක්කම හරි සතුටුයි – මචං අන්න male එකෙක් කියලා හැමෝම වට වෙලා බලනවා — පිරිමි සතා ගේ රතු පාට වැඩියි
රංචුව එකට ඉන්ට කැමති.. පීනද්දී එකපාර නැට්ට වනලා අනික් තැනට යනවා
ඒ කාලේ කට්ට කලා බස් වල රස්තියදුවෙලා ඇහැලියගොඩ ගිහිං කූඩැල්ලො කකා බලපු මාලු, දැං අතේ දුරින් .. සල්ලි දුන්නා ගත්තා.. අන්න එහෙමයි එක්සත් ජනපදයේ සැප
විනය ගරුක නීති පද්ධතියක් ඇති රටේ මේ ආවේණික මාලු අල්ලා අපනයනය කරන්නේ කවුද… වහා සොයා බලා දඬුවම් දෙමු…
වස්තුව, කලබල වෙන්ට එපා… මෙයාලා හැමදාම අල්ලලා එවන්නේ නෑ.. එක පාරක් ගෙනාපුවම ඇති.. මෙහේ අයියලා වැඩ ටිකක් දාල breeding කරගන්නවා
Introduced populations මෙක්සිකෝවෙයි කොලොම්බියාවෙයි (කොලඹ වගේමයි) හොඳට establish වෙලා ඉන්නේ
තිත්තයා ගෙන් පැටවු ගන්ට දේශීය මාලු ගැන දන්නා කියන අය බොහොමයක් උත්සාහ දැරුවත් පුලුවං උන කෙනෙක් ගැන නම් මතක නෑ
හැබැයි පුතෝ රට ඉන්න බ්රීඩර්ස් ලා ecology part එක හොඳට කරලා
ඒ මදිවට වේල් ටේල් එකක් ගහලා පොඩි science පාර්ට් එකකුත් දාලා
කඩේ නංගී කියපු විදියට තාම Cherry barb glow fish කෙනෙක් හදන එක නං සාර්ථක වෙලා නෑ
ඒ මදිවට බිස්නස්… අද ඩොලරය අනුව එකෙක් රුපියල් 400ක් විතර (2017) – මේ ගාන නම් කලෙන් කාලෙට වෙනස් වෙනවා.. රුපියල ඒ තරම් සැහැල්ලුයි
දැන් දැන් Nano tank වලට මූගේ ඉල්ලුම වැඩියි
ඔන්න කටෙන්conservation කරන රටට පේන්ට මෙහෙ අයියලා ජයටම ex-situ conservation කරලා
සියඹලත් නෑ කැකිරිත් නෑ NO Conservation, NO Science, & NO business
NO Money NO Honey විතරයි — අර හත් දෙනාගේ කැඳ හැලියනෙ තාම බොන්නේ
කලු ඇලේ ලේ තිත්තයා දැං නෑලු නේද ප්‍රියන්ත… අවුලක් නෑ බං mini-hydro එකක් ගැහුවනේ.. තිත්තයෝ ටිකක් මෙහෙං එවන්නං.. ඔන්න උඹලා අතේ සතේ නෑ කියලා ඇලේ මාලු එහෙම අල්ලනවා නෙවෙයි.. මේකා ආවේණිකයි.. වනජීවී කැලෑ පනත් උල්ලංඝනය කරොත් නඩු දානවා..
මේ ගං ඇලවල් වලට බහින කබරයො මොනවද දන්නේ.. ගමේ හිටියට ඇල උඹලගේ නෙවෙයි.. පරිසරේ ගැන දන්නැති ඩිග්‍රී නැති උඹලා ට ඇලවල් වල බැහීම දඩුවම්ව ලැබිය හැකි වරදක් .. මුද්දරෙයි රබර් පොහොර ටිකයි දෙන්නං.. තව ණය ටිකක් අරං සහනාධාර ටිකකුත් දෙන්නං.. ඡන්දේ ලං වෙද්දී උසස් තාක්ෂණයකට අනුව හදපු නයිල් තිලාපි පැටවු ටිකකුයි දෙන්නං වැවට ත් .. කතිරෙ ගහලා පාඩුවෙ ඉඳපන්
අන්න එහෙමයි science, conservation, business, public policy, and sustainable development කරන්නේ
මේක ඇමරිකාව නෙවෙයි.. එහේ ආතල් මෙහේ දෙන්ට අපිට බෑ
කාලෙකට බුලත් හපයි ගල් පාඬි එහෙමත් එනවා.. අරං තියන්නං..
Punitus thithaya
IUCN Conservation status : VU
මේක වැඩිය share කරන්ට එපා.. conservation කටගාගත්තු සෙට් එකයි evolution is a process කියන ටිකයි genuine policy makers වගේම කොහෙං හරි ගතමන්ට් එකක් හොයන ටිකයි මේ කතාව අල්ලන්නේ වැරදි තැනෙං
ලේ තිත්තයා හරිම පුංචි මාලුවෙක්… ඒ හින්දා ගෙදරක මල් ගහක් වත් හිටවපු නැති සාන්තට විල්පත්තුවයි පෙරහැරයි තමා පේන්නේ..
අන්තිමට උඹලා conservation කරලත් නෑ science කරලත් නෑ business කරලත් නෑ සාන්ත
මුව හං ටික අමතක කරන්ට එපා…. බිනර හිඹුටු කැලෑ හූනො කටුස්සෝ බොදිලියෝ සමනල්ලු බිම්මල් ලයිකන හැම එකටම මේ කල්කය පොදුයි.. ඕන නම් ගොයා මාරු කරන්ටත් පුලුවන් -තලයා බැරි නම් කබරයා …