එල්ලංගාව ලෝක උරුමයක් කිරීම….එල්ලංගාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානයේ ව්‍යාපෘතියක් මගින් මැතක දී ලෝක උරුමයක් බව ට පත් කර ඇත. මතුපිටින් බැලූ විට ලෝක උරුම ස්ථානයක්  රටකට හිමි වීම හොද දෙයක් බව පෙනේ. ලංකාව තුල ලෝක උරුම 8ක් ජෛව විවිධත්ව ලෝක උරුම 3ක් සංස්කෘතික ලෝක උරුම 5ක් ඇත. ස්ථානයක් ලෝක උරුමයක් වු විට එය පැවති ස්ථානයෙන් වෙනස් කල නොහැක. එල්ලංගාව වසර 3000ක ට අධික කාලයක සිට පැවත එන්නකි. එලෙස පැවත එන්නක් dynamic භාවිත කල නිසා preserve වී ඇත. ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැන් කලමනාකරනය කෙරේ. උඩ ඉන්නා අය පාලනය කරන විධියට දැන් පවත්වාගෙන යයි. පෙර පැවති ක්‍රමය නම් මිනිසුන් විසින් පවත්වාගෙන යන පද්ධතිය කි. පරම්පරා ගත දැනුමෙන් කාලයෙන් කාලය ට ඉන්නා අය අතර generation to generation ගමේ වැඩිහිටියන්

 

වැව් ලේකම්, වැව් විදානේ පවත්වාගෙන ගිය ක්‍රමය කි. එය එසේ නොවුන විට එය සීගිරියක් වැනි තැනක් බවට පත් වේ. සීගිරිය ගමේ මිනිසුන්  එය පවත්වාගෙන ආ මිනිසුන් ට එය ට අවතීර්ණ වීම ට නොහැක. එන මිනිසුන් ට එය ට අවතීර්ණ වීම ට හෝටල් පමනක් ඇති වේ. එමගින් සංචාරක කර්මාන්තය ට පමණක් වාසි ලැබේ. ලෝක උරුමයක් කිරීමෙන් ලෝකය සමග සම්පත් බෙදා ගැනීම කම් නැත. වැව් ජලය ට බදු ගහන එක වැව් වැව් අයිතිය මිනිසුන් ට නැති වෙන එක ප්‍රශ්නයක්. වැවෙන් ප්‍රතිලාභ ලැබෙන මිනිසුන් වැව රැක ගත් හ. එය පහල සිට ඉහල  ට ක්‍රියාත්මක වූ පද්ධතිය ක් මිස ඉහල සිට පහල ට ආ පද්ධතියක් නොවේ. අධ්‍යාපන ක්‍රමයෙන් තනතුරු ලැබූ දරුවෝ එම පද්ධතිය ගැන නොදනිති. එය රිටිගල කැලේ රකින්න ට හම්බන්තො ට මිනිසුන් ගෙනැත් දැම්මා වැනි දෙය කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *