පිං පඬුරු

ඔවුහු සංසාර ගමනේ මට මුන ගැසුනු දිසාපාමොක් ලා ය මහෞෂධ පණ්ඩිතයන් ම ය අමරා දේවීන් ම ය


මේ මාගේ ගුරුවරුන් ය මාගේ නෑදෑයන් ය සහෝදර සහෝදරියන් ය

ඈත පිටිසර ගම්වල ගොවිතැන් බතින් ජීවත්වෙන පිටිසර ගැමි ජීවිතය ගැන තැවෙන නොතැවෙන මේ මිනිසුන් ගෙන් මා උගත් දෑ එමටය

ඔවුන් මට පාසලේ දී හමු වූ බොහෝ ගුරු වරුන් මෙන් ඔවුනට උවමනා දේ පමණක් කියා තේරුම් කර නොදී මා අසන සියලු ප්‍රශ්ණ වලට විටෙක සිනහවෙන් විටෙක කනස්සල්ලෙන් විටෙක හැගීම්බරව විටෙක උපහාසයෙන් උත්තර දුන්හ

ලංකාවේ මට හමුවූ බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන් මාන්නයක් නොතිබුනු ඔවුහු දන්නා දේ නොපැකිල කියා දීමටත් නොදන්නා දේ නොදන්නා බව කීමට ත් මැලි නොවුනි

මාගේ බොහොමයක් නෑදෑ හිත මිත්‍ර යන් මෙන් නොව කිසිදු පාසල් අධ්‍යාපනයක් නොමැති ඔවුන්ගේ දයාව ආදරය සියලු සතුන්ට එක හා සම විය

පරිසරයට ගහකොලට පොලෝ මහී කාන්තාවට ආදරය පමණක් නොව ගෞරවය කරන හැටි ද මට පුරුදු පුහුණු කලේ ඔවුන්මය

මේ සංසාර ගමනේ ඔවුන් මට මුන ගැසුනු දිසාපාමොක් ලා ය මහෞෂධ පණ්ඩිතයන් ම ය අමරා දේවීන් ම ය

අවාසනාවකට එකම විද්‍යාව බටහිර විද්‍යාව යැයි සිතීමට පුරුදු කර ඇති සමාජයක ඔවුන් ගේ දැනුම ට වටිනා කමක් නොතිබිනි

ඔවුන්ට සිංහළ දැනුමක් නිර්මාණය කරන්ට හැකියාව තිබිණි නමුත් ඊට වැට කඩුලු බැන්දේ සමාජයයි

ඔවුන්ට කණස්සලු වීමට තිබූ ලොකුම කාරණාව වූයේ තම දැනුම තම දුවා දරුවන් පවා හෑල්ලුවට ලක් කිරීමයි

ඒ දැනුමේ වටිනාකම පිටස්තරයන් ට නොව තම තමා ගේ ම දුවා දරුවන්ට නොතේරීමයි
ඔවුන් විශ්වාස කරේ ගොවියා අනික් මනු සතුන්ට වඩා නිවන ට ලඟ බවයි

මේ වස විස නොදා මහපොලව සමඟ ගනුදෙනු කල අවසාන් පරම්පරාව නොවීමට අප වග බලා ගත යුතු ය

මහ පොලොව එක්ක ගනු දෙනු කරොත් ණය නෑ කියා ඔවුන් දැන සිටියහ

ඒ ණය සංසාර ණයක් ගැන කී කතාවක් බව මට වැටහුනේ වසර කීපයකට පසුවයි

මේ ලියන මොහොතේ දී සමහරුන් මිය ගොස් ඇති බව ද මා දනිමි

පසුවට ලියමි